Type Music Dj Remix

ම�රටද� ම�ය ��ය ප�ම� ��රෝනා ��ාද�තයා�� ���න� �ටය�ත� �ද ��ද� ��ර� -
ම�රටද� ම�ය ��ය ප�ම� ��රෝනා ��ාද�තයා�� ���න� �ටය�ත� �ද ��ද� ��ර�
45 Views
Added On : Sunday, 29 March 2020 - 12:10 PM
නව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී මියගිය පළමු පුද්ගලයාගේ දිවිබේරා ගැනීම සඳහා IDH රෝහලේ වෛද්‍යවරුන් ඇතුලූ කාර්යය මණ්ඩලය දැඩි ප‍්‍රයත්නයක් දැරූ බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එම උත්සහයන් ව්‍යාර්ථ වුණේ අදාළ පුද්ගලයා හට වකුගඩු බද්ධ කිරීමක් සිදුකර තිබීම මෙන්ම ඔහු නිධන් ගත රෝගවලින් පෙළුනු නිසා බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින්. නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය සලකා සිය නිවෙස් තුළ රැඳී සිටිමින් රජය ගෙන යන වැඩපිළිවෙළට සහය ලබාදෙන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා, ජනතාවගෙන් යළි යළිත් ඉල්ලීමක් කළේ. කොරෝනා වෛරසය ආසාදනය වී මෙලෙස ඊයේ (28) මියගොස් තිබුණේ අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි 60 හැවිරිදි සංචාරක මගපෙන්වන්නෙක්. මාරවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහු දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගවලින්ද පෙළෙනු අයෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය මෙම පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අද (29) දිනයේ සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ. මුද්‍රා තබා ඇති එම දේහය පවුලේ ඥාතීන්ට පමණක් සුළු වේලාවක් බැලීම සඳහා අවසර හිමිවනු ඇති. මෙලෙස මියගොස් තිබුණේ මෙරටින් හමුවූ සිව් වන කොරෝනා ආසාදිතයායි. ඔහු අවසන් වරට ජර්මනියේ සිට පැමිණි විදේශිකයන් පිරිසකට මාර්ගෝපදේශ සපයා ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.